Facebook, Instagram සහ Messenger සමාජ ජාලාවල හදිසි බිඳවැටීමක්
| |

Facebook, Instagram සහ Messenger සමාජ ජාලාවල හදිසි බිඳවැටීමක්

Facebook, Instagram, Messenger සහ Threads යන සමාජ මාධ්‍ය, රටවල් කිහිපයක බිඳ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා සඳහන් කරන්නේ, අදාළ සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ ගිණුම් සඳහා ප්‍රවේශවීමට නොහැකි වී ඇති බවයි.  මේ අතර Facebook හා Instagramm බිඳවැටී ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි,  ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය නිව්ස්ෆස්ට් කළ විමසීමදි තහවුරු කළේ ය.

ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ වගකීම සියලු දෙනාට පැවරී තිබෙනවා – ජනපති
| |

ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ වගකීම සියලු දෙනාට පැවරී තිබෙනවා – ජනපති

රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ අත්හළ නොහැකි වගකීම අප සියලුදෙනා වෙත අද පැවරී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ලෝක කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ඒ වෙනුවෙන් සියලුදෙනා සාමුහිකත්වයෙන් වැඩ කළ යුතු බවයි. පසුගිය ආර්ථික කඩා වැටීම හමුවේ වඩාත් අභියෝගයට ලක් වූයේ ද මෙරට කම්කරු ජනතාව බව…

ගුවන් යානා ගේට්ටු 400 කින් සමන්විත ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ
| |

ගුවන් යානා ගේට්ටු 400 කින් සමන්විත ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ

 ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ ඩුබායිහි ඉදිකිරීමේ කටයුුතු ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.  මෙම ගුවන්තොටුපොළ අල් මක්ටූම් (Al Maktoum) ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස නම් කර තිබේ. ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසු එම ගුවන්තොටුපොළ තුළ වාර්ෂිකව මගීන් මිලියන 260ක් දක්වා හැසිරවීමේ හැකියාව පවතිනු ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැති එච්. එච්. ෂීක්. මොහොමඩ් X සටහනක් තබමින් පවසන්නේ, ඩිරාම්…

2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන අවුරුදු 60 සුරූපිනිය
| |

2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන අවුරුදු 60 සුරූපිනිය

 ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් ප්‍රදේශයේ රූ රැජිණ කිරුළ දිනා ගැනීමට 60 හැවිරිදි වියේ පසුවන ඇලෙජන්ඩ්‍රා රොඩ්‍රිගස් (Alejandra Rodríguez) සමත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. ඇය එලෙස කිරුළ දිනාගෙන ඇත්තේ, ඇගේ වයසටත් වඩා හරි අඩක් පමණ වූ තරගකරුවන් 34 දෙනෙක් පරාජය කරමිනි. ඒ අනුව, ඇලෙජන්ඩ්‍රා ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිත ආර්ජන්ටිනාවේ විශ්ව රූ රැජින සඳහා පැවැත්වෙන…

ඉන්ධන මිල ගණන් පහළට
|

ඉන්ධන මිල ගණන් පහළට

සියලු ඉන්ධන මිල ගණන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර තිබේ. නව මිල සංශෝධනය අනුව රුපියල් 371 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03කින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 368ක්. 95 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් පහළ දමා ඇති අතර එහි නව මිල…

138 වැනි ලෝක කම්කරු දිනය අදයි
|

138 වැනි ලෝක කම්කරු දිනය අදයි

 138 වැනි ලෝක කම්කරු දිනය අදට (01) යෙදී තිබේ. 1886 මැයි මස 01 වැනි දා කම්කරුවන් පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වුණේ තම වැඩමුරය පැය 8කට සීමා කරන්නැයි ඉල්ලමිනි. වැඩ වරා, සටන් පාඨ කියමින් එදින එම උද්ඝෝෂණයට එක් වූ පිරිස 1000කට අධික වූ අතර තුන්වැනි දිනයේ ඊට එක්ව සිටි කම්කරුවන් පිරිස 65000 ඉක්මවිය.  1886 මැයි මස…

සැප්තැම්බර් 08 වැනිදා සිට LECO විදුලි බිලත් සමාජ ආරක්ෂණ බද්දට එකතු වෙයි..
|

සැප්තැම්බර් 08 වැනිදා සිට LECO විදුලි බිලත් සමාජ ආරක්ෂණ බද්දට එකතු වෙයි..

සැප්තැම්බර් 08 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි ලෙකෝ (LECO) විදුලි බිලට ද, සමාජ ආරක්ෂණ බද්ද එකතුවන බව එම සමාගම සඳහන් කරයි.

ධනිෂ්ක ගුණතිලක කාන්තාවක් අපයෝජනය කිරීමේ චෝදනාවට වැරදිකරු නොවන බව ඕස්‍ට්‍රේලියානු අධිකරණය තීන්දු කරයි
|

ධනිෂ්ක ගුණතිලක කාන්තාවක් අපයෝජනය කිරීමේ චෝදනාවට වැරදිකරු නොවන බව ඕස්‍ට්‍රේලියානු අධිකරණය තීන්දු කරයි

 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක කාන්තාවක් අපයෝජනය කළැයි චෝදනාවට වැරදිකරු නොවන බවට ඕස්‍ට්‍රේලියානු අධිකරණය තීන්දු කර තිබේ. එරට මාධ්‍ය පැවසුවේ, අද (28) දිනයේදී ඕස්ට්‍රේලියාවේ ඩවුනිං සෙන්ටර් අධිකරණයේදී විනිසුරු සාරා හගට්, නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මේ බව සඳහන් කළ කළේ ය. 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට ඕස්ට්‍රේලියාවට ගොස් සිටි අතරතුරේදී…

ආනයනික බිත්තර අද සිට සුපිරි වෙළෙඳසැල්වල
|

ආනයනික බිත්තර අද සිට සුපිරි වෙළෙඳසැල්වල

සුපිරි වෙළෙඳසැල් හරහා ආනයනික බිත්තර මිලදී ගැනීමේ අවස්ථාව අද (26) සිට පාරිභෝගිකයින්ට හිමිවේ. පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා සඳහන් කළේ, සතොස වෙළෙඳසැල් හරහා රුපියල් 35ක මිලකට බිත්තර මිලදීගත හැකි බවයි. සුපිරි වෙළෙඳසැල්වලින් රුපියල් 40ක මිලකට බිත්තර මිලදීගත හැකි බව ද ඔහු සඳහන් කළේ ය.

වියළි කාලගුණය හේතුවෙන් ප්‍රාදේශීය මධ්‍යස්ථාන 18කින් ජලය බෙදා හැරීමට බාධා..
|

වියළි කාලගුණය හේතුවෙන් ප්‍රාදේශීය මධ්‍යස්ථාන 18කින් ජලය බෙදා හැරීමට බාධා..

වියළි කාලගුණය හේතුවෙන් ප්‍රාදේශීය මධ්‍යස්ථාන 18 කින් ජලය බෙදා හැරීමට බාධා මතුව තිබේ.  ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී දකුණ, සමන්ත කුමාර මහතා සඳහන් කළේ දිවයින පුරා ජලය බෙදා හැරීමේ මධ්‍යස්ථාන 344 ක් පවතින බවයි. ඉන් තවත් මධ්‍යස්ථාන 32 ක් අවදානම් මට්ටමේ පවතින බව ඔහු සඳහන් කළේ ය. අදාළ ප්‍රදේශවල කලාප වෙන්කොට මුර ක්‍රමයට ජලය…