Hari FM https://harifm.lk කණට හරිම එක Wed, 01 May 2024 17:11:15 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.5.2 https://harifm.lk/wp-content/uploads/2022/04/cropped-cropped-100-32x32.png Hari FM https://harifm.lk 32 32 ඉන්දියාවත් පකිස්ථානයත් යා කළ තරුණියකගේ හදවත https://harifm.lk/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a-%e0%b6%ba/ https://harifm.lk/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a-%e0%b6%ba/#respond Wed, 01 May 2024 17:11:13 +0000 https://harifm.lk/?p=704 ඉන්දියාව සහ පකිස්ථාන කිව්වම අපිම මතක් වෙන්නේ එතරම් සුබදායි මතකයන් නම් නෙමෙයි

දේශසීමා සහ දේශපාලනික අර්බුද වර්ධනය වීමෙන් මේ වනවිට සාමාන්‍ය ජීවිත තුළත් ඉන්දියාව හා පකිස්ථාන ගැටුම් වර්ධනය වෙලා තියෙනවා.   

නමුත් මේ සිත් රිදවීම් සහ අර්බුද මැද්දේ ඉන්දියාවයි හා පකිස්ථානයයි යා කරපු සිදුවීමක් වාර්තා වුණා. 

මේ, අයේෂා රෂාන්..

පකිස්ථානයේ, කරච්චි නුවර පදිංචි 19 හැවිරිදි තරුණියක්.  

පකිස්ථාන තරුණියක් වුණු අයේෂා මේ වෙද්දී ජීවත් වෙන්නේ ඉන්දියානුවෙකුගේ හදවතකින් බව ඔබ දන්නවාද? 

මනුෂත්වයට ජාති ආගම් භේද නෑ කියලා කිව්වත් ඉන්දියාවයි හා පකිස්ථානයි කියන්නේ  සමහර අවස්ථාවල යාන්තමටවත් සිය මිතුදම පවත්වාගෙන යන්න අකමැති රටවල් 2ක්. 

නමුත් දීර්ඝ කාලයක් තිස්සේ හෘදයාබාධයකින් පීඩා විදපු අයේෂාට ප්‍රතිකාර ලබා ගන්න ඔවුන් ගියේ ඉන්දියාවට.  

ඒත් ඇයගේ රෝගී තත්ත්වය එතරම් සුවදායක නොමැති නිසා අයේෂාට හදවතක් බද්ධ කිරීමට අවශ්‍ය බවට වෛද්‍යවරු නිර්දේශ කළා. 

එ් ශල්‍යකර්මය සඳහා වැයවෙන මුදල රුපියල් ලක්‍ෂ 35ක්.  

නමුත්, එම වියදම දරා ගන්න හැකියාවක් නැති හින්දා අයේෂාගේ පවුලේ අය සිටියේ දෙගිඩියාවෙන්.

මේ හේතුව හින්දාම වෛද්‍යවරු ඇයට රුධිරය පොම්ප කිරීමට උපකාර වන යාන්ත්‍රික පොම්පයක් සවි කළත් එය ද සාර්ථක වුණේ නෑ
 
අවසානයේදී අයේෂාට හදවතක් බද්ධ කිරීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නෑ 

ඒත් ඉන්දියාවේ සෞඛ්‍ය නීතිරීතිවලට අනුව, විදේශීය පුරවැසියෙකුට අවයවයක් ලබා දෙන්න පුළුවන් ඒ අවස්ථාවේ දී අවයවයක් ලබා ගන්න ඉන්දියානු ප්‍රතිග්‍රාහකයෙකු නැත්නම් පමණයි.   

දෛවයේ හාස්කමක් මෙන් අයේෂාට බද්ධ කිරීමට හදවතක් දිල්ලි නුවරින් ලැබුණා.

ඒ මියගිය 69 හැවිරිදි ඉන්දියානුවෙකුගේ හදවතක්.   

මොළය මිය ගිය රෝගියෙකුගෙන් ලබාගත් එ් හදවත නොමිලේම ඇයට සාර්ථකව බද්ධ කරන්න ඉන්දියාවේ වෛද්‍යවරු සමත් වුණා 

ඒ වගේම චෙන්නායිහි අරමුදලක් ද අයේෂාට අවශ්‍ය මූල්‍ය ආධාර ලබා දීලා තිබුණා 

“ඇය මගේ දුව වගේ, හැම ජීවිතයක්ම වැදගත්,”  අයේෂාගේ විස්මිත සැත්කම කරපු වෛද්‍යවරයා පැවසුවේ එවැන්නක්. 

මේ අතර අයේෂා සහ ඇයගේ පවුලේ සාමාජිකයින් වෛද්‍යවරුන්ට හා ඉන්දීය රජයට ස්තූතිය පළ කර තිබුණා. 

අයේෂාගේ අනාගත බලාපොරොත්තුව කෙදිනක හෝ නිරූපිකාවක් වීම බව ද ඇය ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබෙනවා. 

]]>
https://harifm.lk/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a-%e0%b6%ba/feed/ 0
Facebook, Instagram සහ Messenger සමාජ ජාලාවල හදිසි බිඳවැටීමක් https://harifm.lk/facebook-instagram-%e0%b7%83%e0%b7%84-messenger-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2-%e0%b6%a2%e0%b7%8f%e0%b6%bd%e0%b7%8f%e0%b7%80%e0%b6%bd-%e0%b7%84%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b6%b6/ https://harifm.lk/facebook-instagram-%e0%b7%83%e0%b7%84-messenger-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2-%e0%b6%a2%e0%b7%8f%e0%b6%bd%e0%b7%8f%e0%b7%80%e0%b6%bd-%e0%b7%84%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b6%b6/#respond Wed, 01 May 2024 17:09:59 +0000 https://harifm.lk/?p=701 Facebook, Instagram, Messenger සහ Threads යන සමාජ මාධ්‍ය, රටවල් කිහිපයක බිඳ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා සඳහන් කරන්නේ, අදාළ සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ ගිණුම් සඳහා ප්‍රවේශවීමට නොහැකි වී ඇති බවයි. 

මේ අතර Facebook හා Instagramm බිඳවැටී ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි,  ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය නිව්ස්ෆස්ට් කළ විමසීමදි තහවුරු කළේ ය.

]]>
https://harifm.lk/facebook-instagram-%e0%b7%83%e0%b7%84-messenger-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2-%e0%b6%a2%e0%b7%8f%e0%b6%bd%e0%b7%8f%e0%b7%80%e0%b6%bd-%e0%b7%84%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b6%b6/feed/ 0
ලොවක් කතා කළ කෝටි 10ක රත්තරන් කේක් එක හැදූ ශ්‍රී ලාංකික තරුණයා https://harifm.lk/%e0%b6%bd%e0%b7%9c%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f-%e0%b6%9a%e0%b7%85-%e0%b6%9a%e0%b7%9d%e0%b6%a7%e0%b7%92-10%e0%b6%9a-%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b6%b1/ https://harifm.lk/%e0%b6%bd%e0%b7%9c%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f-%e0%b6%9a%e0%b7%85-%e0%b6%9a%e0%b7%9d%e0%b6%a7%e0%b7%92-10%e0%b6%9a-%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b6%b1/#respond Wed, 01 May 2024 17:05:56 +0000 https://harifm.lk/?p=698 කෝටි 10 ක වටිනාකමක් තියෙන රත්තරං කේක් එකක් උපන් දිනයකට ලැබුණොත් ඔයාට කොහොම සතුටක් තියේවිද?  

මේ පහුගිය දවස්වල හැමෝම කතා කරපු රත්තරං කේක් එකක් ගැනයි.

හැබැයි අපිට මේ කේක් එක විශේෂ වෙන්නේ ලෝකෙම කතාබහට ලක්වුණු මේ කේක් එක හැදුවේ ලංකාවේ තරුණයෙක් නිසයි. 
 
ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පිනි ඌර්වශි රවුටෙලාගේ පෙබරවාරි 25 වැනිදාට යෙදී තිබුණු උපන්දිනය නිමිත්තෙන් මේ රත්තරං කේක එක නිර්මාණය කළේ  ඩුබායිහී සිටින ප්‍රසන්න කුමාර රාජගුරු විසින්. 

කැරට් 24 එඩිබල් රියල් ගෝල්ඩ්වලින් නිමවා තිබුණු මේ රත්‍රං කේක් නිර්මාණය ඉන්දීය රුපියල් කෝටි 3ක වටිනාකමකින් යුක්තයි. 

ඒ කියන්නේ ලංකාවේ මුදලින් කෝටි 10ක පමණ වටිනාකමින් යුතු බව සඳහන් වෙනවා. ‍

ඒ වගේම මෙය ඉන්දීය ඉතිහාසයේ වැඩිම  වටිනාකමින් යුතුව නිර්මාණය කෙරුණු කේක් එක හැටියටත් මෙය වාර්තා අතරට එක වෙලා තියෙනවා.

ඌර්වශි රවුටෙලාට මේ කේක් එක තෑගි කරලා තිබුණෙ ජනප්‍රිය රැප් ගායකයෙකු වන යෝ යෝ හනී සිං විසින් .

ප්‍රසන්න කුමාර මීට පෙරත් ඌර්වශි වෙනුවෙන් කේක් එකක් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. 

මීට අමතරව, ඩුබායිවල ඉන්න ප්‍රසිද්ධ යූටියුබර් කෙනෙකුගේද උපන්දින කේක් ඇනවුමක් ප්‍රසන්න විසින් නිර්මාණය කර තිබෙනවා.  ඒ සඳහා ඔහු නිර්මාණය කළේ Mercedes–AMG G 63 වර්ගයේ මෝටර් රථයක කේක් ආකෘතියක්.

ලෝක ප්‍රසිද්ධ චරිතවලට රසට වගේම හැඩට කේක් හදන ප්‍රසන්න, උත්සාහය මත සාර්ථක ගමනක් ගිය ආදර්ශමත් තරුණයෙක්.

දැන් ඩුබායි හිටියත්, මාතලේ ඉපදුණු ඔහු මේ තැනට එන්න ලොකු කැපකිරීමක් කරලා තියෙනවා .

උත්සාහය උනන්දුව කැපවීම කණ්ඩායම් හැගීම තියෙනවා නම් මොනවද මිනිස්සුන්ට කරන්න බැරි?

ප්‍රසන්න අපේ රටේ තරුණ තරුණියන්ට හොද ආදර්ශයක් වනවා නොඅනුමානයි..

]]>
https://harifm.lk/%e0%b6%bd%e0%b7%9c%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f-%e0%b6%9a%e0%b7%85-%e0%b6%9a%e0%b7%9d%e0%b6%a7%e0%b7%92-10%e0%b6%9a-%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b6%b1/feed/ 0
රතු මුහුදේ යාත්‍රා කළ තවත් බොරතෙල් නැවකට හූතී කැරලිකරුවන්ගෙන් ප්‍රහාර https://harifm.lk/%e0%b6%bb%e0%b6%ad%e0%b7%94-%e0%b6%b8%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%af%e0%b7%9a-%e0%b6%ba%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f-%e0%b6%9a%e0%b7%85-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad/ https://harifm.lk/%e0%b6%bb%e0%b6%ad%e0%b7%94-%e0%b6%b8%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%af%e0%b7%9a-%e0%b6%ba%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f-%e0%b6%9a%e0%b7%85-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad/#respond Wed, 01 May 2024 17:04:23 +0000 https://harifm.lk/?p=695 යේමනයේ හූතී කැරලිකරුවන්, රතු මුහුදේ යාත්‍රා කරමින් තිබූ තවත් බොරතෙල් නෞකාවකට ප්‍රහාර එල්ල කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බ්‍රිතාන්‍ය නෞකාවකට හූතී කැරලිකරුවන් බැලැස්ටික් මිසයිල ප්‍රහාර 3ක් එල්ල කර ඇති බවයි.

ප්‍රහාරවලින් නෞකාවට සුළු හානියක් සිදුව ඇතත් ජීවීත හානි සිදුව නැත.

මේ අතර හූතී ප්‍රකාශකවරයා පැවසුවේ, යේමන ගුවන් කලාපයේදී අමෙරිකානු ප්‍රහාරක ඩ්‍රෝන යානාවක් වෙඩි තබා බිම හෙලූ බවයි.

ඊශ්‍රායල – පලස්තීන යුද්ධය ආරම්භයේ සිට හූතිවරුන් වෙඩි තබා බිම හෙලූ තුන්වන අමෙරිකානු ප්‍රහාරක ඩ්‍රෝන යානය මෙය වේ.

]]>
https://harifm.lk/%e0%b6%bb%e0%b6%ad%e0%b7%94-%e0%b6%b8%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%af%e0%b7%9a-%e0%b6%ba%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f-%e0%b6%9a%e0%b7%85-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad/feed/ 0
අමෙරිකානු රාජ්‍ය ලේකම් සෞදි ඔටුන්න හිමි කුමරු හමුවෙයි https://harifm.lk/%e0%b6%85%e0%b6%b8%e0%b7%99%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b6%bd%e0%b7%9a%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83/ https://harifm.lk/%e0%b6%85%e0%b6%b8%e0%b7%99%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b6%bd%e0%b7%9a%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83/#respond Wed, 01 May 2024 17:03:14 +0000 https://harifm.lk/?p=692 අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බිලින්කන් සහ සෞදියේ ඔටුන්න හිමි කුමරු අතර හමුවක් සිදුව තිබේ.

ඒ, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මැදපෙරදිග සංචාරයට සමගාමීවයි.

හමුවේදී කලාපයේ ආතතීන් අවම කිරීමේ හදිසි අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කළ බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ය.

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී තිබේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එහිදී අවධාරණය කර ඇත්තේ, ගැටුම තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ක්ෂණික සටන් විරාමයකට එළඹීමේ අවශ්‍යතාවයයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්, මැදපෙරදිග සංචාරයක් ආරම්භ කළේ ය.

ඔහුගේ පළමු නැවතුම වුයේ, සෞදි අරාබියයි.

ඉන් අනතුරුව ජෝදානය සහ ඊශ්‍රායලයේ ඔහු සංචාරය කරනු ඇති.

ගාසා තීරයේ සටන් විරාමක් ක්‍රියාත්මක කිරීම සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් ඔහු එම සංචාරයේදී කලාපීය හවුල්කරුවන් සමග සාකච්ඡා කිරීමට ද නියමිතය.

]]>
https://harifm.lk/%e0%b6%85%e0%b6%b8%e0%b7%99%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b6%bd%e0%b7%9a%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83/feed/ 0
2024 ආසියානු රග්බි ශූරතාවලිය අද ශ්‍රී ලංකාවේදී ඇරඹේ https://harifm.lk/2024-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%bb%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-2/ https://harifm.lk/2024-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%bb%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-2/#respond Wed, 01 May 2024 17:01:40 +0000 https://harifm.lk/?p=689 2024 ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාවලිය ශ්‍රී ලංකාවේදී අද (30) ආරම්භ වේ.

ජාත්‍යන්තර රග්බි තරගාවලියක් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන්නේ වසර 11කට පසුවයි.

මෙම තරගාවලියට ඉන්දියාව, කසක්ස්ථාන, කටාර් සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගී වනු ඇත.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ සුහිරු ඇන්තනි.

තරගාවලියේ සියලු තරග කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වේ.

පළමු තරගය කටාර් සහ කසක්ස්ථාන කණ්ඩායම් අතර අද සවස 4.00ට ආරම්භ වීමට නියමිතය.

සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

]]>
https://harifm.lk/2024-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%bb%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-2/feed/ 0
ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ වගකීම සියලු දෙනාට පැවරී තිබෙනවා – ජනපති https://harifm.lk/%e0%b6%86%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b7%92%e0%b6%9a%e0%b6%ba-%e0%b7%81%e0%b6%9a%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/ https://harifm.lk/%e0%b6%86%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b7%92%e0%b6%9a%e0%b6%ba-%e0%b7%81%e0%b6%9a%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/#respond Wed, 01 May 2024 16:59:39 +0000 https://harifm.lk/?p=686 රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ අත්හළ නොහැකි වගකීම අප සියලුදෙනා වෙත අද පැවරී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ලෝක කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ඒ වෙනුවෙන් සියලුදෙනා සාමුහිකත්වයෙන් වැඩ කළ යුතු බවයි.

පසුගිය ආර්ථික කඩා වැටීම හමුවේ වඩාත් අභියෝගයට ලක් වූයේ ද මෙරට කම්කරු ජනතාව බව ජනාධිපතිවරයා සිහිපත් කරනු ඇත.

ජනාධිපතිවරයා පැවසුවේ, නොසැලී සියල්ල විඳ දරා ගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන සමස්ත කම්කරු ජනතාවට ස්තූතිය පුද කරන බවයි.

සාම්ප්‍රදායික මැයි දින සැමරුමකට සීමා නොවී නූතන ප්‍රවණතා සහ අභියෝග හඳුනා ගනිමින් රට දිනවීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට එළැඹීමට මෙවර මැයි දින සැමරුම අවස්ථාවක් කර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේ ය.

මේ අතර කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පැවසුවේ, මෙවර අප එය සමරනුයේ වැඩබිම ද අභියෝගයන් රැසකට ලක්වූ ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ ආර්ථික අර්බුදයක තීරණාත්මක සටහන් මත බවයි.

එහෙත් කිසිදු ගිවිසුමක් හමුවේ කම්කරු අයිතීන් නොසලකා හැරීමට කටයුතු නොකළ බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ අතර ඊනියා රැළිවලට නොරැවටී රටේ සමස්ත ජනතාව දෙපයින් නගාසිටුවිය හැකි වගකීම් සහගත පාලනයක් ගොඩනැගීමේ වගකීම අප සතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සිය කම්කරු දින පණිවුඩයෙන් විපක්ෂ නායකවරයා පැවසුවේ, මේ වසරේ සියලු දෙනා එක් වී ජනතාව පීඩාවට පත් කරන දුර්දාන්ත ආණ්ඩුව පළවා හැර ජනහිතකාමී, ජනතාව වෙනුවෙන් කැපවෙන ආණ්ඩුවක් සහ නායකයෙක් පත් කර රටක් ලෙස නැවතත් නැගී සිටීමට කාලය එළැඹ ඇති බවයි.

]]>
https://harifm.lk/%e0%b6%86%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b7%92%e0%b6%9a%e0%b6%ba-%e0%b7%81%e0%b6%9a%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/feed/ 0
ගුවන් යානා ගේට්ටු 400 කින් සමන්විත ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ https://harifm.lk/%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f-%e0%b6%9c%e0%b7%9a%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94-400-%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8/ https://harifm.lk/%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f-%e0%b6%9c%e0%b7%9a%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94-400-%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8/#respond Wed, 01 May 2024 16:57:46 +0000 https://harifm.lk/?p=683  ලෝකයේ විශාලතම ගුවන්තොටුපොළ ඩුබායිහි ඉදිකිරීමේ කටයුුතු ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. 

මෙම ගුවන්තොටුපොළ අල් මක්ටූම් (Al Maktoum) ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස නම් කර තිබේ.

ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසු එම ගුවන්තොටුපොළ තුළ වාර්ෂිකව මගීන් මිලියන 260ක් දක්වා හැසිරවීමේ හැකියාව පවතිනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැති එච්. එච්. ෂීක්. මොහොමඩ් X සටහනක් තබමින් පවසන්නේ, ඩිරාම් බිලියන 128ක වියදමින් ගුවන්තොටුපොළේ ඉදිකිරීම් ආරම්භ කළ බවයි. 

ඉදිකරන නව ගුවන්තොටුපොළ ඩුබායිහී දැනට පවතින ජාත්‍යන්තර ගුවන්තොටුපොළට වඩා පස් ගුණයකින් විශාලය. 

මෙහි ගුවන් යානා ගේට්ටු 400 කින් සමන්විත වන අතර ගුවන් ගමන් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා සමාන්තර ධාවන පථ 5 කින් ද සමන්විත වේ.

ගුවන්තොටුපොළ ඉදිකිරීමේ පළමු අදියර වසර 10ක් ඇතුළත අවසන් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.

]]>
https://harifm.lk/%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f-%e0%b6%9c%e0%b7%9a%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94-400-%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8/feed/ 0
2024 විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන අවුරුදු 60 සුරූපිනිය https://harifm.lk/2024-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80-%e0%b6%bb%e0%b7%96-%e0%b6%bb%e0%b7%90%e0%b6%a2%e0%b7%92%e0%b6%ab-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b7%85%e0%b6%a7-%e0%b7%83%e0%b7%90%e0%b6%bb/ https://harifm.lk/2024-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80-%e0%b6%bb%e0%b7%96-%e0%b6%bb%e0%b7%90%e0%b6%a2%e0%b7%92%e0%b6%ab-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b7%85%e0%b6%a7-%e0%b7%83%e0%b7%90%e0%b6%bb/#respond Wed, 01 May 2024 16:55:43 +0000 https://harifm.lk/?p=680  ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් ප්‍රදේශයේ රූ රැජිණ කිරුළ දිනා ගැනීමට 60 හැවිරිදි වියේ පසුවන ඇලෙජන්ඩ්‍රා රොඩ්‍රිගස් (Alejandra Rodríguez) සමත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇය එලෙස කිරුළ දිනාගෙන ඇත්තේ, ඇගේ වයසටත් වඩා හරි අඩක් පමණ වූ තරගකරුවන් 34 දෙනෙක් පරාජය කරමිනි.

ඒ අනුව, ඇලෙජන්ඩ්‍රා ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිත ආර්ජන්ටිනාවේ විශ්ව රූ රැජින සඳහා පැවැත්වෙන ප්‍රධාන තරගය සඳහා බුවනෝස් අයර්ස් ප්‍රදේශය නියෝනය කිරීමට නියමිතයි.

එම තරගයෙන් ඇය ජයග්‍රහණය කළහොත් ලබන සැප්තැම්බර් 28වැනිදා මෙක්සිකෝවේ පැවැත්වීමට නියමිත විශ්ව රූ රැජිණ කිරුළ සඳහා ආර්ජන්ටිනාව නියෝජනය කරමින් තරග වැදීමට ඇයට අවස්ථාව හිමි වේ. 

මේ වන තෙක්ම වැඩිහිටි කාන්තාවකට  රූ රැජිණ කිරුළ කිරුළකට තරඟ කිරීමට නොහැකි වී ඇති අතර මෙය එසේ වූ පළමු අවස්ථාවයි.

විශ්ව රූ රැජිණ තරඟයට, තරඟ කිරීමට අවසර දී ඇත්තේ වයස අවුරුදු 18ත් – 28ත් අතර වයසේ පසුවන කාන්තාවන්ට පමණි.

නමුත් මෙවර එම වයස් සීමාව ඉවත් කර ඇති අතර විශ්ව රූ රැජින සංවිධානය නිවේදනය කර තිබෙන්නේ මේ වසරේ සිට වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම කාන්තාවක් තරඟ කිරීමට සුදුසුකම් ලබන බවයි. 

ඒ අනුව, 60 හැවිරිදි වියේ පසුවූ ඇලෙජන්ඩ්‍රා රොඩ්‍රිගස්ට තරගය සඳහා අයැදුම් කිරීමට අවස්ථාව හිමිවිය. 

ඇලෙජන්ඩ්‍රා රොඩ්‍රිගස් වෘත්තියෙන් නීතිඥවරියක් සහ මාධ්‍යවේදිනියක් ද වේ.

ඇය දැනටමත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කළත් ඇය මෙම තරගයට සහභාගි වීමට පෙර හොඳ ආහාර රටාවක් සහ ව්‍යායාම්වල ද නිරත වී තිබේ.

ඇලෙජන්ඩ්‍රා විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ තමන්ගේ පරම්පරාවේ කාන්තාවන් නියෝජනය කිරීමට ආසාවෙන් සිටි බවත්, 2024 විශ්ව රූ රැජින කිරුළ සඳහා හොඳින් තරග කිරීම තම අධිෂ්ඨානය බවත්ය. 

සුන්දරත්වයට කල් ඉකුත්වන දිනයක් නොමැත, ලස්සන වීමට නම් ඔබ, ඔබ ගැන විශ්වාසය තබා අව්‍යාජ විය යුතු බව ඇය වැඩිදුරත් පවසා තිබෙනවා. 

මේ අතර ලෝක රූ රැජිණ තරගය නියෝජනය කිරීමේ බලාපොරොත්තුවෙන් ඩොමිනිකන් ජනරජයෙන් ද 47 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් සූදානමින් සිටි.

හයිඩි කෲස් නම් ඇය යෝග්‍යතා විශේෂඥ සහ සෞඛ්‍ය පුහුණුකාරිනියකි. 

ඇය මේ වනවිට ඩොමිනිකන් ජනරජයේ රූ රැජින බවට පත්වීම සඳහා තරග කරමින් සිටි.

කෙසේ වෙතත් රූපලාවන්‍යට වයස් සීමාවක් නොමැති බව ඇලෙජන්ඩ්‍රා රොඩ්‍රිගස්  සහ හයිඩි කෲස්  මේ වනවිට ඔප්පු කර අවසන්ය.

]]>
https://harifm.lk/2024-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80-%e0%b6%bb%e0%b7%96-%e0%b6%bb%e0%b7%90%e0%b6%a2%e0%b7%92%e0%b6%ab-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b7%85%e0%b6%a7-%e0%b7%83%e0%b7%90%e0%b6%bb/feed/ 0
2024 ආසියානු රග්බි ශූරතාවලියේ පළමු කොටසේ ඉන්දියාව සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක්.. https://harifm.lk/2024-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%bb%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba/ https://harifm.lk/2024-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%bb%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba/#respond Wed, 01 May 2024 16:53:00 +0000 https://harifm.lk/?p=677  2024 ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාවලියේ ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරගය සත්කාරක ශ්‍රී ලංකාව විශිෂ්ට ලෙස ජය ගෙන තිබේ.

2024 ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාවලිය කොළඹ තුරග තරග පිටියේදී ඊයේ ආරම්භ විය.

වසර 11කට පසුව ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන පළමු ජාත්‍යන්තර රග්බි තරගාවලිය මෙයයි.

එහි දෙවැනි තරගයේදී සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හමු විය.

මෙම තරගය ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටියේ ශ්‍රී ලංකාවයි.

ඔවුන් පළමු අර්ධය අවසානයේදී ලකුණු 21ට 3ක් ලෙස ඉදිරියෙන් සිටියේ ය.

දෙවැනි අර්ධයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ඉන්දීය ක්‍රීඩකයින්ට සාර්ථක ලෙස ලකුණු අතරට පිවිසීමට අවස්ථාව හිමි වුණේ නැත.

ශ්‍රී ලංකාවම එම අර්ධයේදී ලකුණු 24ක් රැස් කළේ ය.

ඉන්දීය කණ්ඩායමට රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 7ක් පමණි.

ඒ අනුව ලකුණු 45ට 10ක් ලෙස ඉන්දීය කණ්ඩායම පහසුවෙන් පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය.

ශ්‍රී ලංකාව උත්සාහක දිනුම් 7ක් ලබා ගත් අතර ප්‍රවර්ථන 5ක් ද සාර්ථක කරගැනීමට සමත් විය.

ඉන්දියාව ලකුණු රැස් කළේ, උත්සාහක දිනුමකින්, ප්‍රවර්ථනයකින් සහ දඬුවම් පහරකිනි.

]]>
https://harifm.lk/2024-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%bb%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba/feed/ 0